මූල්‍ය අවදානම අවම කර ගැනීමට රටවල් අතර එකඟතාවක අවශ්‍යතාව ඇමති මංගල පෙන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මූල්‍ය අවදානම අවම කර ගැනීම සදහා රටවල් අතර එකගතාවක අවශ්‍යතාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

G 24 රටවල තාක්‍ෂණික කමිටු රැස්වීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

G 24 රටවල තාක්‍ෂණික කමිටු රැස්වීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (27)ආරම්භ විය. මෙම දෙදින සමුළුවට G 24 සාමාජික රටවල මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ මහබැංකු අධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් 45 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වී සිටි. වර්තමානයේ G 24 කාර්යාංශයේ නායකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර එහි සභාපතිත්වය දරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ය.

රැස්වීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පළ කළා.

“මුල්‍ය අවදානම් අවම කර ගැනීම සදහා රටවල් අතර යම් ප්‍රතිපත්තිමය එකගාතාවන්ට යොමු වීම අවශ්‍යයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් හා අඩු ආදායම්ලාභී රටවල්වලට උපකාර කිරීම සදහා පසුගිය ඔක්තෝබර් මාසයේදී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව ණය තුලනය කර ගැනීම සදහා නව රාමුවක් සකස් කර තිබෙනවා. එම නව රාමුව මේ වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම නව රාමුව හරහා ඇතිවිය හැකි මූල්‍ය අවදානම අවම කර ගැනීමේ හැකියාවක් පවතිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *