වියානි ඇළේ අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර හමුවේ

(කොළඹ, ලංකාපුවත්) –බදුල්ල – මහියංගනය මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානනී ඇලට පෙරලීමෙන් අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර අද (27) උදෑසන සොයා ගෙන ඇත.

අනතුර සිදුවූයේ ඊයේ (26) උදෑසන ය. රියදුරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු හා තවත් කාන්තාවක් අනතුරින් දිවි බේරා ගනු ලැබීය.

අනතුරුව අතුරුදන්වූ පුද්ගලයා සොයා මහියංගනය පොලිසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *