තුන්කොන් සටනේ නායකත්වයත් චන්දිමාල්ට

(කොළඹ, ලංකාපුවත්) – ලබන මස 06 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස නිදහස් කුසලාන තරගාවලියට එක්වන 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඊයේ(27) සවස මාධ්‍ය වෙත නිකුත් කෙරුණි. ඒ අනුව සාර්ථක බංග්ලාදේශ තරගාවලියට නායකත්වය ලබාදුන් දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලියේදී ද නායකත්වය හිමිව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න හා ෂෙහාන් මධුශංඛ සංචිතයට ඇතුළත්ව නැත්තේ ආබාධ හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

බංග්ලාදේශ පන්දුවාර 20-20 තරගාවලියට නම් නොකළ සුරංග ලක්මාල්, සධීර සමරවික්‍රම, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් මූලික සංචිතයට ඇතුළත්ය.

අවසන් 15 දෙනා අද දිනයේ නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =