පොලිස් ස්ථානයක් තුල පුද්ගලයෙක් ඝාතනය කල අයෙකුට මරණ දඩුවම

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් ස්ථානයක් තුලදී පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට මුගුරකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකුට මරණ දඩුවම නියම කොට තිබේ.

2006 වසරේ අගෝස්තු මස 05 වන දින උඩුගම පොලිසිය මගින් පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වා ඇත.

මෙහිදි කිසියම් පුද්ගලයෙක් විසින් උඩුගම පොලිස් ස්ථානය තුලදීම අත්අඩංගුවට ගත් පුද්ගලයාට මුගුරකින් පහරදී ඇති බව පොලිසිය සදහන් කළේය.පහරදීම හේතුවෙන් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබේ. මේ අනුව මෙම පුද්ගලයාට එරෙහිව ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ (27) දිනයේදි මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කොට තිබේ.එහිදි අධිකරණය නියෝග කොට ඇත්තේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට මරණ දඩුවම ලබා දෙන ලෙසය.

මෙලෙස මරණ දඩුවම නියම වී ඇත්තේ 50 හැවිරිදි නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − 6 =