බදුරලියෙන් ගිනි අවි සහ ජීව උණ්ඩ සමග අයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ(27) බදුරලිය මොරපිටිය ප්‍රදේශයේදී විදේශිය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවියක් හා එම ජිව උණ්ඩ 01 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු අත්වැල්තොට මොරපිටිය බදුරලිය ලිපිනයේ පදිංචි 33 හැවිරිදි මහගම කංකානම්ලාගේ ජානක නැමැත්තෙකි. සැකකරු අද (28) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම ගිනි අවිය උපයෝගී කරගනින් අපරාධයක් සිදුකරන ලද්දේද නැද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කළුතර දිසා අපරාධ ඒකකය විසින් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − six =