වංගෙඩි කන්දේ අතුරුදන් වූ සරසවි සිසුන් සොයාගැනේ

(කොළඹ, ලංකාපුවත්) – හල්දුම්මුල්ල බඹරකන්ද ප්‍රදේශයේ පිහිටි වංගෙඩි කන්දේදි අතුරුදන් වූ බව කියන විශ්වවිද්‍යාල සිසුන් පිරිස සොයාගෙන තිබේ.

කොළඹ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 09 ක් ඊයේ (27)පස්වරුවේ වංගෙඩි කන්ද ප්‍රදේශයේ අධ්‍යන චාරිකාවක නිරත වී ඇත. ඔවුන් වංගෙඩි කන්ද තරණය කොට කූඩාරමක රැදී සිට ඇති බව පැවසේ.

රාත්‍රි කාලයේ ඇතිවූ තද සුළං හා වැසි තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ කූඩාරමට හානි සිදුව තිබේ. මෙහිදි එක් සිසුවෙක් අසනීප වී ඇති බවද පැවසේ.

මේ අනුව සිසුන් විසින් තමන් එම ප්‍රදේශයේ අතරමං වී ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ. මේ අනුව බණ්ඩාරවෙල පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ හල්දුම්මුල්ල පොලිසිය දියතලාව යුද හමුදා කඳවුරේද සහය ඇතිව සිසුන් සෙවීම සදහා මෙහෙයුමක් ආරම්භ කරන ලදි.

අද(28) පෙරවරුවේ මෙම සිසුන් 09 දෙනා සොයාගෙන ඇති බව පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =