පෞද්ගලික අංශයේ සේවකයන්ටත් අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික අංශයේ සේවකයන්ට අවුරුදු හැට දක්වා සේවය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් කම්කරු වෘත්තීය සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා සදහන් කරයි.

කම්කරු අමාත්‍යාංශයේ පසුගියදා පැවති කම්කරු උපදේශන සභාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත.

සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් , වෘත්තීය සමිති නියෝජිතයන් ඉදිරිපත් කළ අදහස්වලට විසඳුම් ලෙස රජයේ සේවකයන්ට මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන්ට ද අවුරුදු හැට දක්වා සේවය කිරීමේ අවස්ථාව පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා එහිදී එකඟවී තිබේ.

ජාතික විශ්‍රාම වයස සම්බන්ධව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීමෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ගේ නිර්දේශ සහ යේජනා ද සැලකිල්ලට ගෙන අවසන තීන්දුවක් ගැනීමට කම්කරු අමාත්‍යවරයා කළ යෝජනාවට මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව පළව තිබේ.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් නිමල් සරණතිස්ස මහතා , රාජ්‍ය නිලධාරීන් , සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් , වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *