වාද්දුවේ දී පුද්ගලයෙක් දුම්රියට පනියි

(කොළඹ, ලංකාපුවත්) – වාද්දුව පල්ලියමංකඩ අංක 21 දරණ දුම්රිය සැතපුම් කණුව අසලදි ගාල්ල සිට රඹුක්කන බලා ධාවනය වු අංක 8349 දරණ දුම්රිය වෙත පුද්ගලයකු පැන සියදිවි නසාගෙන ඇත.

මෙම පුද්ගලයා වයස අවුරුදු 33 පමන වන අංක 498/1 ගාළුපාර වාද්දුව ලිපිනයේ පදිංචි හේවාෆොන්සේකාගේ බුද්ධික කැළුම් ෆොන්සේකා ලෙස හදුනාගෙන තිබේ.

මොහු මෙලෙස සියදිවි නසා ගැනිමට හේතුව වි ඇත්තේ පුද්ගලික ප්‍රශ්නයක් බවට තොරතුරු අනාවරණයවේ මෘතදේහය මේවන විට පානදුර මහරෝහලේ තබා ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ වාද්දුව පොලිස්ථානය මගින් සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *