දියවැඩියා රෝගය ගැන නව තොරතුරක්

(කොළඹ, ලංකාපුවත්) – දියවැඩියා රෝගය එකිනෙකට වෙනස් වූ රෝග තත්ත්වයන් 05කින් සමන්විත බව විද්‍යාඥයින් අනාවරණය කර ගෙන තිබේ.

දියවැඩියාව හෝ රුධිරයේ සීනි මට්ටම පාලනය කළ නොහැකි වීම සාමාන්‍ය රෝග තත්ත්වයන් ආකාර දෙක බව ඔවුන් පෙන්වා දෙයි.

නමුත් ස්විඩන් සහ ෆින්ලන්ත පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කරගෙන ඇත්තේ එම රෝගයේ තවත් ආකාර කිහිපයක් පවතින අතර එම එක් එක් රෝග තත්ත්වයන් සඳහා වෙනස් ප්‍රතිකාර ලබාදිය යුතු බවය.

ලෝකයේ සෑම වැඩිහිටි පුද්ගලයින් 11 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර ඔවුන්ට හෘදයාබාධ, ආඝාතය, අන්ධභාවය සහ වකුගඩු ආබාධ ඇතිවිමේ අවධානම පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *