ඇඳිරි නීතිය ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(06) පෙරවරු 6.00ට ඉවත් කළ බවය.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් ඊයේ දහවල් සිට මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර කලහකාරී සිද්ධිය සමතයකට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − thirteen =