වුවමනා වුවහොත් හදිසි නීතිය පැනවීමේ තීරණයක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – දින හතක් සඳහා වුවමනා වුවහොත් හදිසි නීතිය පැනවීමට අමාත්‍ය මණ්ඩලය තීරණයකට එළැඹුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

”අමාත්‍ය මණ්ඩලය තීරණය කළා,වුවමනා නම් දවස් 07කට හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න වුවමනා තවත් නීති රීති කෙටි කාලයකට පනවන්න” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *