2020 දී කොළඹ ප්‍රදේශයට අයත් සැමට බාධාවකින් තොරව පානීය ජල පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සහ කොළඹ අවට ප‍්‍රදේශයට 2020 දී බාධාවකින් තොරව පානීය ජල පහසුකම් ලබා දීමට හැකිවන පරිදි දැනට ක‍්‍රියාකරන ජල සම්පාදන ක‍්‍රම සංවර්ධනය කරන ලෙසත්,අළුතින් ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතීන් කඩිනමින් ආරම්භ කිරීමටත් පියවර ගන්නා ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා නිලධාරීන්ට උපදසේ දී ඇත.

කොළඹ ප‍්‍රදේශයේ ඇතිවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘතින් නිසා අවශ්‍යවන පානීය ජල ඉල්ලීම් සපුරාලීම සහ නියං කාලයට කළුගඟ හා කැළණි ගඟ ප‍්‍රදේශයේ පානීය ජලයට ලවණ මිශ‍්‍ර වීමට විසඳුම් වශයෙන් ලවණ බාධකඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම යනාදි අරමුණෙන්ඊයේ (05) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවේදී අමාත්‍ය රවුෆ් හකීම් මේ බව ප‍්‍රකාශ කළේය.

කොළඹ සංවර්ධන සැලස්මට අනුව ඉදිවෙමින් පවතින මහාපරිමාණයේ නිවාස හා හෝටල් සංකීර්ණ සහ වරාය නගර ඇති කිරීම යනාදී මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් සම්පූර්ණවීමත් සමගම ඇතිවිය හැකි ජල අවශ්‍යතා සපුරාලීම ගැන මෙහි දී අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩි.ජි.එම්.වී. හපුආරච්චි, අතිරේක ලේකම් එල්. මංගලිකා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු අලාවුදීන් අන්සාර්, සාමාන්‍යධිකාරි ඉංජිනේරැ දීප්ති සුමනසේකර ඇතුළු උසස් නිලධාරීන් එක්වූහ.

අඹතලේ, කලටුවාව, ලබුගම, කදාන, හෙන්රික්වත්ත, කොස්ගම යනාදී ජල පවිත‍්‍රාගාරයන් පිළිබඳ කරුණු සාකච්ඡා කළ අතර ජල ඉල්ලුම හා නිෂ්පාදන ධාරිතා තත්වයන් පිළිබඳව ද අවධානයට ලක්විය.

තවද යෝජිත කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතිය, වැලිවිට ජල පවිත්‍රාගාරය පිහිටුවීම, කළුගඟ ලවණ බාධක හා කළුගඟ ජල ව්‍යාපෘති සංවර්ධනය කිරීම, වීඔය හා යටිමහන ජලාශයන් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් පිළිබඳව ද මෙම සාකචිඡාවේ දී අදහස් ඉදිරිපත්කරන ලදී.

කැළණි ගඟ හරහා ලවණ බාධක ඉදිකිරීමට දැනටමත් කැළණි දකුණු ඉවුර ජල ව්‍යාපෘතිය යටතේ සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම ලවණ බාධක ඉදිකිරීම කොළඹ නගරයට පානීය ජල සැපයීම සදහා අත්‍යාවශ කරැණකි. නමුත් දැනට කැළණි ඉවුර ලවණ බාධක ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමෙන්තුව විසින් පනවා ඇති කොන්දේසි නිසා ගැටලු සහගත තත්වයක් උදා වී ඇත. මෙය විසදා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග උසස් මට්ටමේසාකච්ඡාවක් ඉක්මනින් පැවැත්වීමට තිරණය විය.

එයට අමතරව දැනටමත් වැඩ ආරම්භ කර ඇති නව පානීය ජල යෝජනා ක‍්‍රම ඉදිකිරීම් නිමකර ජනතා අයිතියට පත්කිරීමට කඩිනම් පියවර ගැනීමට තීරණය විය. කොළඹ, මාතර හා ගාල්ල ජල සම්පාදන ව්‍යාපෘතීන් ක‍්‍රියාකිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිරවුල් කරගැනීම සඳහා ඉක්මන් පියවර ගැනීම, ඒ සඳහා ප‍්‍රමාණවත් පළපුරුදු නිලධාරීන් යොදාගැනීමට ද තීරණය විය. යෝජිත කැළණි ගඟදකුණු ඉවුර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගං ඉවුර ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවක් සංවිධානය කිරීමටත් නියෝග කරන ලදී.

විදේශ රටවල්වලින් ලබා දීමට නියමි ප‍්‍රධානයන් හා ආධාර අඩුපොලී ණය මුදල් ආයෝජනය කර ඉදිකරමින් පවතින පානීය ජල ව්‍යාපෘතීන් කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමටත් තීරණය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *