කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාළිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඊයේ(06) පස්වරුවේ කොළඹ සම්බෝධි විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර මහා සංඝරත්නය වෙත මෙන්ම දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

අනතුරුව ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබදව ද කරුණු විමසා බැලීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 11 =