විගමණික ප්‍රජාවගේ සුභසිද්ධියට උපරිමයෙන් කටයුතු කරනවා – ඇමති හරීන්

(කොළඹ, ලංකාපුවත්) – විගමණික ප්‍රජාවගේ සුභසිද්ධිය වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත් වූ ඩිජි‍ටල් ය‍ටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ(06) නිල වශයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රාජකාරී ආරම්භ කළේය.

කාර්යංශයේ නිලධාරීන් විසින් නව අමාත්‍යවරයා පිළිගැනීම සදහා උත්සවයක් ද සංවිධාන කර තිබුණි.

එම අවස්ථාව අමතමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ නව රැකියා අවස්ථාවන් සොයා ගැනීම පිළිබඳව ද තම අවධානය යොමු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − seven =