AirAsia වෙතින් නව වසරට නොමිලේ ගුවන් ආසන

(කොළඹ, ලංකාපුවත්) – AirAsia සහ AirAsia X මේ වසරේ ප්‍රථම ප්‍රධාන පෙළේ ප්‍රවර්ධන වැඩසටහන යටතේ ගුවන් ආසන මිලියන 05ක් පිරිනැමීමට කටයුතු කරයි.

2018 සැප්තැම්බර් මස 03වනදා සිට 2019 මැයි මස 28වනදා දක්වා සංචාරය කිරීම සදහා 2018 මාර්තු මස 05වනදා සිට මාර්තු මස 11වනදා දක්වා ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීමේ දී කුවාලාලම්පූර් වෙත රුපියල් 13,990ක් වැනි ඉතා අඩු මිලකට ගමන් කිරීමේ හැකියාව මේ අනුව පාරිභෝගිකයන්ට හිමිවේ. ඊට අමතරව මැලේසියාවේ කුවාලාලම්පූර් අතරමැදි ගුවන් තොටුපළ හරහා සිංගප්පූරුව, ලංතාවි, බැංකොක්, මෙල්බන්, බාලි සහ තවත් ගමනාන්ත රැසකට ගමන් කරන සංචාරකයන් හ‍ට අසමසම මිල ගණන් හිමිකර ගැනීමේ අවස්ථාවද මෙම ප්‍රවර්ධන යටතේ උදාකර ඇත.

2018 මාර්තු මස 04වනදා සිට AirAsia BIG සාමාජියන් හ‍ට airasia.com වෙබ් අඩවියෙන් සහ AirAsia ජංගම දුරකථන යෙදවුමෙන් ප්‍රවේශපත් වෙන් කරවා ගැනීමටත්, airasiabig.com වෙබ් අඩවියෙන් සහ AirAsia BIG ජංගම දුරකථන යෙදවුමෙන් ගුවන්යානා රෙඩීම් කර ගැනීමටත් හැකි අතර AirAsiaGo සහ AirAsia Expedia සාමාජිකයන්ට ද විශේෂ ප්‍රමුඛතා ප්‍රවේශ වෙන්කරවා ගැනීමේ ලින්කුවක් හිමිවේ.

ප්‍රවර්ධන වැඩසටහන අතරතුර වෙබ් අඩවියෙන් හෝ ජංගම දුරකථන යෙදවුමෙන් ආසන වෙන්කරවා ගන්නා නව පාරිභෝගිකයන්ට ද ප්‍රිමියම් ෆ්ලැට්බෙඩ් හැරුණු කොට තමන් මිලදී ගන්නා ආසන සදහා සියයට 20ක වට්ටමක් හිමිකර ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 14 =