අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්නූ ඇත්ත ”ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට” කථානායකවරයා සුදානම්

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඊයේ (08)පාර්ලිමේන්තුව වෙත කළ පැහැදිලි කිරීමක් ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට කටයුතු කළ යුතු බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

ඒ අධ්‍යාපන අමාත්‍යංශය සහ කැබිනට් මණ්ඩලය ගනු ලබන ඉතා වැදගත් තීරණ පළාත් මට්ටමින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනි.

මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර සිටියේ විදුහල්පති පුරප්පාඩු සඳහා යොමු කරන ලද අයවලුන්ට අදාළ රාජකාරි ලබා දී නොමැති බව සහ ඇතැම් අවස්ථාවල දුෂ්කර සේවා ස්ථාන සඳහා යොමු කර ඇති බවය.

එහෙත් උප ගුරුවරුන්ව පළාත් සභා විසින් විදුහල්පතිවරු ලෙස වැඩ බැලීමට පත් කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවල ආර්ථික උපාධියක් ගත් ගුරුවරුන්ව සිංහල වැනි වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා පළාත් මට්ටමින් බඳවා ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙන ලදි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පෙන්වා දුන්නේ පළාත් සභාවල දේශපාලන බලවතුන් ද මෙම තත්ත්වයට වගකිව යුතු බවය .

කථානායක කරු ජයසූරිය මහතා එහිදී සඳහන් කළේ ආණ්ඩුකාරවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 19 =