කුහුඹුවන් විශේෂයකින් ගත හැකි අපූරු ආදර්ශයක්

(කොළඹ, ලංකාපුවත්) – ‘Matabele’ නමින් හැඳින්වෙන කුහුඹුවන් විශේෂයක් අප සැමට ආදර්ශයක් වන හැසිරීමක් දක්වයි.

ආහාර සොයායාමේදී වෙනත් සතුන් සමග ඇතිවන ගැටුම් නිසා මොවුන්ට බොහෝවිට තුවාල සිදුවේ. එහෙත් මෙලෙස තුවාල වන කුහුඹුවන් තනි වන්නේ නැත.ඔවුන් එහිදී ෆෙරමෝන නම් රසායනික ද්‍රව්‍යයක් පිට කරන අතර එය තමාව මුදාගන්නට පැමිණෙන්නැයි කියා අනිත් කුහුඹුවන්ට යවන පණිවුඩයක් වැනිය.

ක්ෂණිකව එහි පැමිණෙන කුහුඹුවන් තුවාල ලද කුහුඹුවාව නැවත ගුල වෙතට රැගෙන ගොස් සුවවීමට කාලය ලබාදෙයි.

අපද මෙම කුහුඹුවන් ආදර්ශයට ගෙන සියලු දෙනාටම සහාය වෙමින් එකාවන්ව ජීවත් විය යුතුයි නොවෙද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *