මහනුවරට පනවා ඇති ඇඳිරි නීතිය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කර තිබේ.

ඊයේ (08) පස්වරු 6.00 සිට පනවා තිබු අදාළ ඇදිරි නීතිය අද පෙරවරු 6.00න් අවසන් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඉකුත් 04 වැනිදා සිට දින කිහිපයක් පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අවස්ථා කිහිපයකදී ඇදිරි නීතිය පනවනු ලැබීය.

පොලීසිය පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්කයේ සාමකාමී වාතාවරණයක් පවතින බවය.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000ක්, යුධ හමුදාවේ 2500ක් සහ නාවික හමුදාවේ 600ක් ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *