මහනුවර ආරක්ෂාව තහවුරුයි – යුද හමුදාපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ආරක්ෂක තත්ත්වය තහවුරු කොට ඇති බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබා දිය හැකි බවත් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඉදිරියේදී ඇති වන ඕනෑම සිද්ධියක් මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ඇති බවද යුධ හමුදාපතිවරයා කියා සිටියේය.

යුධ හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේ අද(09) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහනුවර දිසාපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්ය.

මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සුපුරුදු ලෙස ජන ජීවිතයට හුරු වෙමින් පවතින බවත්, ජනතාවට ජන ජීවිත ගොඩනංවා ගැනීමට අවශ්‍ය සියළු සහාය ලබා දීමට යුධ හමුදාව කැපවී සිටින බවත් යුධ හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

සති අන්ත නිවාඩුවෙන් අනතුරුව එළඹෙන නව සතිය ආරම්භයේදී සියළු කටයුතු යථා පරිදි සිදු විය යුතු බවද පෙන්වා දුන් සේනානායක මහතා ජාත්‍යනතර වශයෙන් ගොඩ නැගෙමින් පවතින් අප්‍රසාදය ඉතා ඉක්මනින්නැවත ගොඩ නගාගත හැකි වන්නේ එවිට බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *