ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව එජා සංවිධානය කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ඇතිවී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් දැඩිලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

මේ දිනවල සිදුවෙමින් පවතින වාර්ගික ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සිය අවධානය යොමු කර ඇති අතර, මේ ප්‍රචණ්ඩ ක්‍රියා දැඩිලෙස හෙළා දකින බව ද එම සංවිධානය සඳහන් කර ඇත.

වැරැදිකරුවන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙසත්, ආපදාවට ලක් වී තිබෙන ප්‍රදේශවල සාමාන්‍ය තත්ත්වය නැවත ඇති කිරීම සඳහා යෝග්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් එක්සත් ජාතීන් සංවිධානය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඊට අමතරව නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙස හා මානව හිමිකම් සුරකින ලෙස ද ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස ද එක්සත් ජාතීන් බලධාරීන්ගෙන් හා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ද එම සංවිධානය පැවසීය‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − three =