නිදහස් කුසලාන තරඟාවලියේ ඉදිරි තරග දෙක සඳහා නායකත්වය තිසරට

(කොළඹ, ලංකාපුවත්) – නිදහස් කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට ලබා දී ඇත.

බංග්ලාදේශය සමග පැවති තරගයේ දී අඩු පන්දු වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පැනවීමට තරග තීරකවරයා තීන්දු කළේය.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් සියයට හැටක් කපා දැමීමටත් එහිදී තීරණය වුණා. මේ අනුවයි ඉන්දියාව සමග අද (12) පැවැත්වීමට නියමිත තරගයට සහ බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත මීළඟ තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය තිසර පෙරේරාට ලබා දී තිබේ.

තරගාවලිය මේ වන විට කණ්ඩායම් තුනට එක් තරගය බැගින් ජයග්‍රහණය කර අවසන්ය. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විමට නියමිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම එක සේ වැදගත් වේ.

ඒ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *