යාපනයේ ලක්‍ෂ 80ක මුදල් සොරකමක්

(කොළඹ, ලංකාපුවත්) – යාපනය පොලිස් වසමේ රජයේ බැංකුවකට පුද්ගලික ආරක්‍ෂක ආයතනයක් හරහා ඉකුත් සිකුරාදා(09) ගෙන එන ලද රුපියල් 1,10,74,000ක මුදලින් රුපියල් 80,20,000ක මුදලක් අස්ථාන ගතවී ඇති බවට යාපනය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව ‍අදාළ ආරක්‍ෂක ආයතනයේ මුදල් භාරව සිටි සැකකරුවන් සිව් දෙනෙකු පසුගිය සෙනසුරාදා(10) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් වයස අවුරුදු 56, 43, 24, 23 වයස්වල පසුවන කැබිතිගොල්ලෑව, අනුරාධපුර, ඇලයාපත්තුව ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.

ඔවුන්ව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

යාපනය පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *