FB ගිණුම් 186 ක් පිළිබඳ විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – සමාජ ජාල මාධ්‍ය භාවිත කර, අසත්‍ය ප්‍රචාර කළ ෆේස්බුක් ගිණුම් 186ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි.

එහි සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කළේ, පසුගිය දිනවල රටතුළ නිර්මාණය වූ කලහාකාරී තත්ත්වයට සෘජුව සම්බන්ධ සැකකරුවන් රැසක් සමාජ ජාල මාධ්‍ය භාවිත කර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව ය.

එවැනි ක්‍රියාවලට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර තිබේ.

සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කළේ, ෆේස්බුක් සම්බන්ධයෙන් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණ තව දුරට ත් සිදුකරමින් පවතින බවය.

ෆේස්සබුක් සමාගම සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති සයිබර් අපරාධ පිළිබඳ ඒකකය පැවසීය.

මෙරට නීතිය අනුව ෆේස්සබුක් භාවිත කිරිමේ ක්‍රමවේද සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිත ය.

මේ අතර WhatsApp Group කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇත.

එම කණ්ඩායම් විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකළ දුරකතන අංක ඔස්සේ, ඉදිරි විමර්ශන සිදුකරමින් ඇති බව ද එම ඒකකය සදහන් කළේය.

මෙවැනි තත්ත්වයක් ඉදිරියට ඇති නොවීම සදහා ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබාගෙන සමාජ ජාල මාධ්‍ය නිසි ආකාරයෙන් භාවිතයට ගැනීමට ක්‍රියා කරන බව ද එම ඒකකය ප්‍රකාශ කළා.

ඒ සඳහා සහාය වීමට මේ වන විට ත් චීන සහ ජර්මන් රජයන් සිය කැමැත්ත පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =