ඉන්දීය සීමාවට ගසා ගෙන ගිය ලංකාවේ ධීවරයෝ 5ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ ශ‍්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාවේ කොඩියක්කරායි මුහුදු සීමාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කරයිකාල් වරාය වෙත රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.

ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයෙන් පසුගිය 28 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ඔවුන් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − eleven =