සමාජ මාධ්‍ය තහනම සිකුරාදා ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (16) ඉවත් කරන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද (13) පැවති සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඇති අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා පවසා ඇත.

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා (15) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *