සා.පෙළ ප‍්‍රතිඵල මාර්තු 28වනදා එයි

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත‍්‍රි සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙම අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මාර්තු මස 28 වනදා ප‍්‍රතිඵල නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බවය.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 688,573 දෙනෙකු පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *