ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –ලොව ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින්ග් මියගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79කි.

1942 ජනවාරි මස 8 වැනි දින ඔක්ස්වර්ඩ් හිදී උපත ලැබූ මහාචාර්ය ස්ටීවන් හෝකින්ග්, බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයෙකි. ඔහු ලොව වඩාත් ප්‍රකට වන්නේ, අජටාකාශ විද්‍යාව සම්බන්ධයෙන් පළ කළ අනාවැකි හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් මුල්ම න්‍යාය ඉදිරිපත් කළේ මහාචාර්ය හෝකිනිග් විසිනි.

නිව්රෝණ ආශ්‍රිතව හටගත් රෝගාබාධයක් හඳුනාගැනීමෙන් පසු, ඔහු තව කෙටි කලයක් පමණක් ජීවත් වන බව හෙළිවූයේ, ඔහුට වයස අවුරුදු 22 දී ය. ආබාධය හේතුවෙන් බොහෝ කලක් රෝද පුටුවක් මත සිටි ස්ටීවන් කතාකිරීමට නොහැකි වීම නිසා දැඩි ලෙ පීඩාවිදිනු ලැබීය.

කිසිවකින් අධෛර්යට පත් නොවූ මහාචාර්ය ස්ටීවන් හෝකින්ග්, අජඨාකාශ විද්‍යාව සම්බන්ධයෙන් ලොවට දායාද කළ දැනුම අතිමහත්ය‍. ඔහු අද අලුයම ජීවිතක්ෂයට පත්වූයේ, කේම්බ්‍රිජ්හි සිය නිවසේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =