ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව UNICEF ඇගයුමට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව යුනිසෙෆ් ආයතනයේ ඇගයීමට ලක්ව තිබේ.

‘සෑම දරුවෙක්ම ජීවත් වෙමු‘ යන මැයෙන් යුනිසෙෆ් ආයතනය නිකුත් කළ වාර්තාවේ මේ බව සදහන් ය.

එම වාර්තාවට අනුව මධ්‍යම ආදායම් රටවල් 52ක් අතුරින් හොදම උපත් මරණ අනුපාතය වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. එම අනුපාතය සජීවී දරු උපත් දහසකට 5.3කි.

එම අනුපාතය දුර්වලම රට ලෙස වාර්තා වන්නේ පාකිස්තානයයි. එම අනුපාතය 45.6ක් වන අතර ඉන්දියාවෙන් වාර්තා වන උපත් මරණ අනුපාතය 25.4ක් බව එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ නව උපත් මරණ අනුපාතය තායිලන්තය, තුර්කිය, බ්‍රසීලය වැනි ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවලට වඩා උසස් මට්ටමක පවති.

අමෙරිකාව, කුවේට් වැනි ඉහළ ආදායම් රටවල් පවා මෙම අනුපාතයෙන් ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින්නේ ඉතා සුළු අගයකින් බව යුනිසෙෆ් වාර්තාව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *