ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න නව පොත් කට්ටලයක් හා CD 3 ක්

(කොළඹ, ලංකාපුවත්) – ‍ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේ පළමු ප්‍රධාන අවධිය වන එක සහ දෙක ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කිරීම සඳහා නව පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 03ක් හඳුන්වාදීමට ජාතික අධ්‍යාපන ආයතනය පියවර ගෙන ඇත.

අදාළ පොත් කට්ටලය සහ සංයුක්ත තැටි එළි දැක්වීම අද (15) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මීපේ දකුණූ ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේදී සිදුකිරීමට නියමිතය.

පාසල්වල ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන තවදුරටත් ශක්තිමක් කිරීම සඳහා මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි නිෂ්පාදනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ භාවිතයට ගැලපෙන ඉංග්‍රීසි ළමා ගීත පොත් දෙකක්, ඉංග්‍රීසි කතන්ද පොත් 10ක් සහ සංයුක්ත තැටි 03ක් හඳුන්වාදී ඇති අතර ගුරුවරුන් සඳහා වන ගුරු අත්පොතක්ද හදුන්වා දී තිබේ.

ඒ අනුව දිවයිනේ ප්‍රාථමික ශ්‍රේණි සහිත සෑම පාසලකම එක සහ දෙක ශ්‍රේණි සඳහා මෙම නව අධ්‍යයන කටයුතු හදුන්වාදීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *