උදිත් නාරායන්ගේ පුත් ආදිත්‍ය නාරායන් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් ගායක උදිත් නාරයන්ගේ පුත් ගායක ආදිත්‍යය නාරයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය අගහරුවාදා මුම්බායිහි වර්සොවා පොලිසිය මගින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මගියෙක් සමග ගමන් කල රික්ශෝවක් සිය වාහනයේ හැපීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

එම අනතුර සිදුවීමෙන් පසු ආදිත්‍යය නාරායන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පොලිස් ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.

අනතුරට ලක්වූ රික්ශෝව පැදවූ පුද්ගලයා සහ තවත් කාන්තාවක් මෙහිදී තුවාල ලබා ඇත.

මේවන විට 30වැනි වියේ පසුවන ආදිත්‍යය නාරායන් මෙම අනතුර පිළිබඳ සදහන් කර ඇත්තේ මෙසේය.
“එය අවාසනාවන්ත අනතුරක්. මට සිදුවූ දෙය ගැන මම කනගාටු වෙමි. හදිසි අනතුරෙන් පසු රියදුරා සහ කාන්තාවක් මගේ මෝටර් රථය තුළින් මම රෝහලට රැගෙන ගියා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *