ජර්මනිය යළිත් ඇන්ජලා මර්කල් ට

(කොළඹ, ලංකාපුවත්) –මාස 6 ක කාලයක් ජර්මනියේ පැවති දේශපාලන අර්බුද නිමාකරමින් සිව් වන වරටත් එරට චාන්සලර්වරිය ලෙස ඇන්ජලා මර්කල් දිව්රුම් දී ඊයේ (14) දිවුරුම් දෙනු ලැබීය.

මහ මැතිවරණයේ දී ඇන්ජලා මර්කල් නායකත්වය දුන් සන්ධානය ජයග්‍රහණය හිමිකර ගනු ලැබුව ද ඔවුන්ට හිමි වූයේ සියයට 33 ක ඡන්ද ප්‍රතිශයක් පමණි.

ඒ අනුව, ඇයගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය මීළඟට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ සමග එකඟතාවකට පැමිණියේය.

අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට ඇන්ජලා මර්කල්ගේ පක්‍ෂය කටයුතු කළ අතර ඒ සඳහා මාස 6 ක පමණ කාලයක් ගත විය.

ඉන් අනතුරුව ඇය ඊයේ ජර්මනියේ චාන්සලර්වරිය ලෙස දිව්රුම් දුන්නේ එම ධුරයට සිව් වතාවක් අඛන්ඩව පත් වූ පළමු පුද්ගලයා ලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *