දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනය සඳහා පියවර ගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ මේ වන විට අලෙවි කෙරෙන්නේ විවිධ මිල ගණන් යටතේය. ඒ හේතුවෙන් මිල නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පෞද්ගලික රෝහල්වල අය කරන මිල ගණන් වර්ග 53ක මිල නියාමනය කිරීමෙන් පසු පිළිකා රෝගීන් භාවිත කරන ඖෂධවල මිල ගණන් අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ඉන් පසු දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ද සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 4 =