යොවුන් පුරයට තරුණ – තරුණියන් 7000කට ආසන්න සංඛ්‍යාවක්

(කොළඹ, ලංකාපුවත්) – නම වන “යොවුන් පුරය” වැඩසටහන මාර්තු මස 28 වන දින නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

දින පහක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා විසිරී සිටින යෞවන සමාජවල තරුණ තරුණියන් 7000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේය.

තරුණ තරුණියන්ගේ පෞරුෂ වර්ධනය සදහා වූ වැඩසටහන් රැසක් මෙවර ද පැවැත්වෙන අතර නායකත්ව වැඩ මුළු, යොවුන් කඳවුරු සහ තරුණ හමුද මේ අතර පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජාතික සංහිදියාව සහ සම්මුතිවාදය පිළිබඳව අවබෝධයක් ලබන්නටත්, තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධව විදෙස් තරුණ තරුණියන් සමඟ අත්දැකීම් හුවමාරු කරගන්නටත්, අන්‍යනෝන්‍ය අවබෝධය තුලින් සාමුහිකත්වය , සහජීවනය පදනම් කර ගත් විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙන්නටත් හැකියාව හිමි වේ.

මෙවර යොවුන් පුර වැඩසටහන පැවැත්වීම සඳහා කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *