ප්‍රවීන සිනමා නිළි එඩ්නා සුගතපාල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීන සිනමා නිළි එඩ්නා සුගතපාල මහත්මිය දිවි ගමනින් සමුගෙන තිබේ.

කොළඹ නවලෝක රෝහලේ රෝගී තතත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය ඊයේ(14) ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ඇය 72 වැනි පසුවූවාය.

“සැනසුම කොතැනද’ චිත්‍රපටයේ එන සුළං කුරුල්ලෝ ” ගීතය සඳහා පෙනීසිටිමින් රංගනයට පිවිසි එඩ්නා සුගතපාල ‘සුරයන්ගෙ සුරයා”, “මිරිගුව‘, ‘වීදුරු ගෙවල්‘ ඇතුළු චිත්‍රපට රැසකට හා ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වූවාය. ඇය අවසන් වරට රඟපෑ ‘ඉස්කෝලෙට මං ආවා” චිත්‍රපටිය ඉදිරියේදී තිරගතවීමට නියමිතය.

එක් දියණියකගේ මවක වු ඇය කලා ක්ෂේත්‍රයේ සිටි එකම ජෝතිශවේදිනිය ද වූවාය.

මිට අමතරව ඇය ගානයෙන් මෙන්ම පියානෝ වාදනයෙන්ද දක්ෂතා දක්වා ඇත.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *