කාන්තාවකගේ ගෙල සිරකර මැරු තිදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ කාන්තවකගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 80 වක් වන එම කාන්තාව මෙම මස 03 වැනිද, ඇයගේ නිවසේදි ගෙල සිරකර ඝාතනය කර රන්මාලය සොරාගෙන තිබුණි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී සොරකම් කරන ලද භාණ්ඩ ද සොයාගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් වයස අවරුදු 20, 23, සහ 30 යන වයස්වල පසු වන්නන් වේ. මොවුන් අද(15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =