උපාධිධාරීන් පනස් දහසකට රැකියා

(කොළඹ, ලංකාපුවත්) – රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසකට රැකියා ලබාදෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහිදී මෙසේද පැවසීය,

” මහජනතාව කැමති නැහැ එක් එක්කනාගෙන් ඉල්ලලා කාලා බීලා ජීවත් වෙන්න..ඒ අය කැමති තමන්ගේම හයිය තුළින් ,තමන්ගේම ශක්තිය තුළින් දෙපයින් නැගී සිටීමට පුළුවන් ජන ජීවිතයක් ..එතකොට රජයක වගකිම තමයි අර මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ඒ වගකීම තුළ මේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න..රජයක් හැටියට අපි වගබලා ගන්නට ඕනේ දුකෙන් පෙළෙන ජනතාවටත් හොඳ ශක්තියක් ලබා දීලා ඒ අයව සුවපත් කරන්න..ඒ මානව අයිතියත් අපි ආරක්sහා කරන්න ඕනේ…අපි මේ කතා කරන මොහොතේ උපාධිදාරීන් ඉන්නවා පනස් දාහක් මේ පනස්දාහටම රැකියා නෑ..රැකියා නැති පෝලිම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා…ඒ නිසා අපි රජයක් හැටියට වගකීම භාර අරගෙන තිබෙනවා අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රමාත්‍යතුමාත් මේ වසර ඇතුළත රැකියා පෝලිමේ සිටින උපාධිදාරීන් පනස්දාහද හැටදාහද ඒ සියලුම දෙනාට රජයේ රැකියා පත්වීම් ලබාදෙනවාමයි කියන එක අපේ රජය අධිෂ්ඨාන කරගෙන තිබෙනවා…”

සිප්පිකුලම රාහ්මානියා අහදියා මුස්ලිම් දහම් පාසලේ නව ගොඩනැගිලේලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. සැමට සෙවණ වැඩසටහන යටතේ මෙම කටයුතු සිදු කෙ‍රේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *