කිහිප දෙනෙකුට තරග තහනම් කළ යුතුයි – හර්බජාන් සිං

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා තහනමක් පැනවිය යුතු බව ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං සදහන් කර ඇත.

ඉන්දියා ටුඩේ වෙබ් අඩවියට ඔහු මේ බව පවසා තිබේ.

ඉකුත් 16වනදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ දී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මෙම පියවර අනුගමනය කළ යුතු බව හර්බජාන් සිං පවසා ඇත.

“මේක නිදහස් කුසලාන තරගාවලියක්. ඒ නිසා මේක සාමාන්‍ය තරගාවගියක් නෙමෙයි. කණ්ඩායමේ නායකයා සැම විටම ආදර්ශමත් විය යුතුයි. මේ සිදු වීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට සුබ දෙයක් නෙමෙයි. බංග්ලාදේශ ක්‍රීඩකයින් මේ සිද්ධිය පිළිබඳ ලැජ්ජා විය යුතුයි. එසේම කණගාටු විය යුතුයි. මේ සිද්ධිය නිසා බංග්ලාදේශය අවසානයේ දී ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයින් ද අහිමි කර ගත්තා.” යනුවෙන් හර්බජාන් සිං වැඩිදුරටත් ඉන්දියා ටුඩේ වෙබ් අඩවියට සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + four =