සිව්වන වරටත් රුසියා ජනපති පුටුව පුටින් ට

(කොළඹ, ලංකාපුවත්) – රුසියානු ජනාධිපතිවරණයේ දී අපේක්ෂිත ජයග්‍රහණය ලබාගැනීමට ව්ලැඩ්මියර් පුටින් සමත්ව ඇත.

ඒ අනුව ව්ලැඩිමියර් පුටින්ට තවත් වසර 06ක නිල කාලයක් සදහා අවස්ථාව හිමිවනු ඇත.

සමස්ත ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය 60%ක් වූ අතර ඒ අතරින් ජනාධිපති පුටින්ට 75%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ බව එරට මැතිවරණය කොමිසම පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 65 හැවිරිදි ව්ලැඩ්මියර් පුටින් ජනාධිපති පදවියට පත්වන සිව්වන අවස්ථාව මෙය වේ.

ජයග්‍රහණයෙන් පසු මොස්කව් නුවර පිහිටි ඔහුගේ පක්ෂ මූලස්ථානයේදී තම පාක්ෂිකයන් අමතමින් තමන්ට ඡන්දය ප්‍රකාශ කල ජනතාවට ස්තුතිය පල කර තිබේ.

මෙම ජයග්‍රහණය සැමරීම සදහා මේ වන විට මොස්කව් නුවරට විශාල පිරිස්ක රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *