තේ නිෂ්පාදනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම හා නව වෙළඳපොළ සෙවීමේ කටයුත්ත සිදුවෙනවා

(කොළඹ, ලංකාපුවත්) – තේ සඳහා පවතින මිල තවත් ඉහළට ගන්න නම් තේ නිෂ්පාදනය තවත් ගුණාත්මක බවට පත් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා වෙළදපල සෙවීමට තවත් උනන්දු විය යුතු බවත් මේ වනවිට එම වැඩකටයුතු දෙකම කිරීමට තේ මණ්ඩලය, සහ නවින් දිසානායක අමාත්‍යවරයාගේ නායකත්වයෙන් විශාල වැඩකොටසක් සිදු කරන බව තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කළේ, පසුගිය දා ඌරුබොක්ක ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි.

තේ ආර්ථිකය දියුණු වෙන්න ඕන. තේවල මිල නම් ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. 2015 ජනාධිපතිවරණය කාලේ දී අපේ පක්ෂයේ වශයෙන් ඇවිල්ලා මොකක්ද තමුන්නාන්සේලාට කිව්වේ, තේ මිල රු. 50 ට – 60 ට බැහැලා. ඒ එන ආදායමෙන් තමුන්නාන්සේලාට ජීවත් වෙන්න අමාරුයි. යන වියදම වත් පියවගන්න බැහැ. ඒ නිසා අපි සහතික මිලක් දෙනවා කිව්වා.

සහතික මිල දීලා, ඒ යන වියදම අතරතුරේ වෙළඳපල ගොඩනගලා, මිල වැඩි කරන්න අපිට දක්ෂකම තියෙනවා. 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණාම, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාම පෙබරවාරි මාසේම පටන්ගත්තා ඒ සහතික මිල ලබලා දෙන වැඩසටහන. රු. 80 ක සහතික මිලක්ල බලා දුන්නා. නමුත්, ඒ වැඩසටහන ආරම්භ වෙද්දිත් අපි කිව්වේ මේක වැඩිකල් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ තේ මිල ඉහළ මට්ටමකට රැගෙන යන්න අපිට පුළුවන් වෙනවා කියලා. පුළුවන්වුණාද ?. අද කීයද තේ වල මිල. සහතික මිල 80 පහුකරලා. 100- 101-102- 103 – 110 දක්වා අද මිල වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි උනන්දු වුණොත් වැඩපිළිවෙල හරියට කළොත් ඒක කරන්න පුළුවන්. තවත් ඉහළට ගන්න පුළුවන් මේ තේ මිල. තවත් ඉහළට ගන්න නම් අපි නිෂ්පාදනය තවත් ගුණාත්මක කරන්න ඕන, වෙළදපල හොයන්න තවත් උනන්දු වෙන්න ඕන. ඒ වැඩකටයුතු දෙකම කරන්න තේ මණ්ඩලය නවින් දිසානායක ඇමතිතුමාගේ නායකත්වයෙන් අද විශාල වැඩකොටසක් කරනවා.

තේ වල මිල තවත් ඉහළ යනවා. ඒ වගේ මේ ඉඩම් වල වගාකරන තේ වල ලැබෙන ඵලදාව වෙන්කර ගන්නත් ඕන. එකක් තියෙනවා, නැවත වගාව පරණ වෙච්ච තේ ටික අලුතෙන් වගාකරන්න අපි වැඩසටහනක් ගේන්න ඕන. ඒ වැඩසටහනත් නවින් දිසානායක අමාත්‍යවරයා ගෙනැල්ලා තියෙනවා. නැවත වගාව සඳහා අක්කරයකට දෙලක්ෂ හැටදාහක් දෙනවා. ඒක තවත් වැඩිකරන්න ආසියානු සංවර්ධන බැංකුවේ ස්ටාර් ව්‍යාපෘතිය මේ ප්‍රදේශ වලට ගේන්න
අමාත්‍යවරයා මහන්සි වෙනවා යැයි ද පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *