ඒකල ඇඟලුම් කර්මාන්ත ශාලාවක රසායනික කාන්දුවක්

(කොළඹ, ලංකාපුවත්) – ජාඇළ ඒකල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිදුවූ රසායනික කාන්දුව හේතුවෙන් අද (20)දිනයේත් සේවක සේවිකාවන් 50දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඊයේ සහ අද පෙරවරුවේ අදාළ කර්මාන්තශාලාවේ මෙම ගෑස් කාන්දුව සිදුව ඇති බව ජාඇළ පොලීසිය සඳහන් කළේය.

ඊයේ(19) කර්මාන්තශාලාවේ සිටි සේවකයින් 42 දෙනෙකු ශ්වසන අපහසුතාවට ලක්වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රාගම සහ ගම්පහ රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව මේ වන විට රාගම රෝහලේ පුද්ගලයින් 60 කට ආසන්න පිරිසක් සහ ගම්පහ රෝහලේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇළ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එසේම සෞඛ්‍ය අංශ නිර්දේශ මත ඇඟළුම් කර්මාන්ත ශාලාවේ අදාළ අංශය තාවකාලිකව වසා දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =