චීන ජනපතිට අගමැති රනිල්ගෙන් සුභපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – මහජන චීන ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුර සඳහා නැවත තේරී පත්වූ ෂී ජින් පින්ග් මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභාශිංසන එක්කර තිබේ.

ෂී ජින් පින්ග් මහතාගේ නැවත තේරී පත්වීමෙන් සනාථ වන්නේ ඒ මහතාගේ නායකත්වයේ සාර්ථකත්වය බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෑත කාල වකවානුව තුලදී ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනු ලැබේ. ඒ ඔස්සේ දෙරටටම වාසි රැසක් අත්කර ගැනීමට හැකිවිය.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබදතා තව තවත් ශක්තිමත්කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුභාශිංසන පණිවුඩයේ දැක්වේ.

මේ අතර මහජන චීන ජනරජයේ උප ජනාධිපති ලෙස තේරී පත්වූ වන්ග් ෂිෂාන් මහතා වෙතද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වය අන්‍යෝන්‍ය ගරුත්වය විශ්වාසය සහ අවබෝධය මත ගොඩනැගී ඇති බව එම සුබපැතුම් පණිවුඩයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 8 =