සුහදතාවය නැංවීමට ජනපති පුටින් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – අනෙකුත් රාජ්‍යයන් සමග සුහදතාව නැංවීමේ සාකච්ජා ඇරඹීමට තමා සූදානම් බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කර ඇත.

සිව්වැනි වරටත් ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් පසුව ඔහු මේ බව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජනාධිපති පුටින් පවසන්නේ ඉදිරියේ දී යුද වියදම් අඩු කරන බවය.

අනෙකුත් රටවල් සමග යුදමය වශයෙන් තරග වැදීම ඉදිරියේ දී සිදු නොවන බව, ඔහු අවධාරණය කර තිබේ. විදෙස් විචාරකයින් පවසන්නේ, ව්ලැදිමීර් පුටින් පාලන සමයේ රුසියාව ආර්ථික සහ සමාජීය වශයෙන් විශාල දියුණුවක් ලබා ඇති බවය.

එම කාලයේ දී ජනතාවගේ ආර්ථිකය ද වර්ධනය වී ඇති බවත් විදෙස් විශ්ලේශකයින් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *