අපරාධ කල්ලි සහ ගිනි අවි අල්ලන මෙහෙයුම් වැඩි කිරීමට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ කල්ලි සහ වෙනත් පුද්ගලයන් අතර ගැවසෙන නීතිවිරෝධී ගිනි අවි සොයා ඒවා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩිකරන ලෙස පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (21) සිට නීතිවිරෝධී ගිනි අවි සෙවීමේ මෙහෙයුම් යළි ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා විශේෂ කාර්ය බළකායද යොදවා ඇත.

නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නිරතුරුවම පොලිසිය මගින් සිදුවුවත් එම මෙහෙයුම් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමට සියලුම පොලිස් ස්ථාන මඟින් නිලධාරින් යොදන ලෙසටද මෙසේ දැනුම් දී ඇත. නීතිවිරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නිරතුරුවම පොලිසිය මගින් සිදුවුවත් එම මෙහෙයුම් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමට සියලුම පොලිස් ස්ථාන මගින් නිලධාරින් යොදන ලෙසටද මෙසේ දැනුම් දී ඇත.

නීති විරෝධී ගිනි අවි රජයට භාරදීමට ඒවා භාවිතා කරන පුද්ගලයන්ට සහන කාලයක් ලබාදී තිබුණි.

එහෙත් රජයට බාර නොදී තවමත් අපරාධ කල්ලි සහ වෙනත් පිරිස් අතර නීතිවිරෝධී ගිනි අවි දහසකට වැඩි ප්‍රමාණයක් භාවිතා වන බව ආරක්ෂක බුද්ධි අංශ මගින් තහවුරු කැරගෙන තිබේ.

විටින්විට අපරාධ කල්ලි සහ පාතාලය මිනිස් ඝාතන සඳහා යොදාගෙන ඇත්තේ එම ගිනි අවි ‍බවද පොලිසිය කියයි.

මෙම නීති විරෝධී ගිනි අවි වැඩි වශයෙන් භාවිතා වෙන්නේ බස්නාහිර සහ දකුණු ප්‍රදේශවලය. මීට වසරකට පමණ පෙර සිට පාතාල කල්ලි කිහිපයක් විටින්විට ඔවුන්ගේ කල්ලිවල සාමාජිකයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් ඝාතනයට ලක්කැර තිබේ.

පිළියන්දලදී බන්ධනාගාර බස් රථයකට පහරදීමේ සිද්ධියේ සිට තවමත් එම පාතාල කල්ලි දෙකේ පුද්ගලයන් ඝාතනය කර ගැනීම් සිදුවෙයි.

මේ අනුව අද (2ෙ1) රාත්‍රියේ සිට නීති විරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් සිදුකෙරේ. ඒ සඳහා මේ ප්‍රදේශවල පොලිස් කණ්ඩායම් සමඟ විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *