කැසිනෝ රජු ජේම්ස් පැකර්ට මානසික රෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ඕස්ට්‍රේලියානු ජාතික කැසිනෝ අධිරාජ්‍යයා ජේම්ස් පැකර් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, මේ හේතුවෙන් ඔහු ක්‍රවුන් රිසෝට්ස් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුගේ පෞද්ගලික ආයෝජන පිළිබඳ එම ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කරමින් කියා තිබුණේ, තම ප්‍රධානියා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, මේ හේතුවෙන් ව්‍යාපාරයෙන් ඉවත්වන බවත්ය.

50 වැනි වියෙහි පසුවන පැකර් 2015 වසරේදී ක්‍රවුන් රිසෝට්ස් ව්‍යාපාරයේ සභාපති ධුරයෙන් හා අධ්‍යක්ෂධුරයෙන් ඉල්ලා අස්විය.

නමුත් ඔහු පසුගිය අගෝස්තු මාසයේදී යළි එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය.

ජේම්ස් පැකර් ක්‍රවුන් ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවා වන අතර, එහි ඔහුට හිමි කොටස් ප්‍රතිශතය සියයට 47 කි. ඒ අනුව එහි කොටස් වටිනාකම ඩොලර් බිලියන 4 කට වඩා වැඩි බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =