තංගල්ල පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට වෙඩි

(කොළඹ, ලංකාපුවත්) – අද(21) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.

කතරගම නගරය ආසන්නයේදී අද උදෑසන 6.50ට පමණ වෙඩි තැබීම සිදුව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ තුවාල ලැබූ කොස්තාපල්වරයා පොලිස් බුද්ධි අංශ තංගල්ල ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිට ඇති බවයි.

පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද වාර්තා වේ.

ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකෙරෙන අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට ගාල්ල,කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + seventeen =