(කොළඹ, ලංකාපුවත්) – පසුගිය කාලයේ කරන ලද වංචාවන් දුෂණයන් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වළක්වා ලීම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන බව පවසන විශ්වාස භංග යෝජනාව ගෙන ඒමේ අරමුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පව් සෝදා ගැනීම සඳහා මෙම විශ්වාසභංග යෝජනාව තුළින් උත්සහ දරන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් ඒ සඳහා සහයෝගය ලබා නොදෙන බව සඳහන් කරන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එවැනි මොළය අබලන් වූවන් පක්ෂයේ සිටින බව තමන් නොසිතන බව කියා සිටියේය.
පක්ෂයට මෙන්ම රටට ආදරය කරන අය මෙන්ම හොරු අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමට කැමති අය මේ සඳහා සහාය නොදෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.
මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටි.