යොවුන් පුරය සඳහා ‘තරුණ දෑතින්’ කඳවුරු බිම සකස් කරන අයුරු

(කොළඹ, ලංකාපුවත්) – 09වන යොවුන් පුරය සඳහා කඳවුරු බිම සකස් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි තරුණ තරුණියන් රැසක් නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රයේ මේ දිනවල රැඳී සිටින අතර ඔවුන් මාර්තු මස 28 වන දින ආරම්භ වන යොවුන් පුරය සඳහා අවශ්‍ය පහසුකම් සැකසීම ආරම්භ කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේය.

යොවුන් පුරය සඳහා පැමිණීමට නියමිත තරුණ තරුණියන් 7000කට අධික පිරිසක් සඳහා පහසුකම් සැකසීම ඔවුන් වෙතින් සිදු වේ.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *