ලොව සිටි එකම සුදු රයිනෝසිරස් පිරිමි සත්වයා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව සිටි එකම සුදු රයිනෝසිරස් පිරිමි සත්වයා පෙරේදා(19) මිය ගොස් තිබේ.

කෙන්යාවේ ඔල්පෙජෙටා වනසංරක්ෂණ කලාපයේ ජිවත් වු මෙම සුදු රයිනෝසිරස් සත්වය හඳුන්වනු ලැබුවේ සුඩාන් යන අනවර්ත නාමයෙනි.

මෙම සත්වයාගේ පාදයේ වු අසාත්මිකතාවය හේතුවෙන් ඇති වු රෝගී තත්වයෙන් මාස ගණනාවක් සිටි අතර මිය යාමට එම තත්වය බලපෑ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

1973 වසරේ නොවැම්බර් මස උපත ලැබ ඇති මෙම සුදු රයිනෝසිරස් සුඩාන් 1975 වසරේදි හදුනා ගෙන තිබේ.

ඉන් පසු 2009 වසරේදි ඔල්පෙජෙටා වනසංරක්ෂණ කාලයට රැගෙන ආ අතර කෙන්යා රජය ඔහුට පැය විසිහතරම ක්‍රියාත්මක වන පරිදි විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ මේ වන විට ලොව ජිවත් වු සුදු රයිනෝසිරස් තිදෙනාගෙන් එකම පිරිම සත්වයාවිම නිසාවෙනි.

සෙසු රයිනෝසිරස් දෙදෙනා ගැහැනු සතුන් වන අතර ඔවුන් ඔල්පෙජෙටා වනසංරක්ෂණ කලාපයේ ජීවත් වේ.

වයස අවුරුදු 45 වු ලොව සිටි එකම සුදු රයිනෝසිරස් අහිමිවිම වලක්වා ගැනිම වෙනුවෙන් කෙන්යානු වෛද්‍ය විශේෂඥයින් නොපසු බස්නා උත්සහක නිරත වුවද එය අසාර්ථක වු බව මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =