ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීමේ සමුලුව ශ්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) – දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල රෝගීන්ගේ ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරිම සදහා වූ ජාත්‍යන්තර සමුලුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත.

ඒ අනුව හෙට (22) පෙරවරු 9.00 ට එම සමුලුව කොල්ලුපිටිය මූන් පික් හෝටලයේ දී ආරම්භ වන අතර එය තෙදිනක් පුරා පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය , භූතානය, ඉන්දියාව, ඉන්දුනිසීයාව, මාලදිවයින, මියෙන්මාරය, නේපාලය, තායිලන්තය, ටිමෝරය, යන රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරීන් 70 ක් මෙම සමුලුවට සහභාගිවීමට නියමිතය.

මෙම සමුලුවේ දී ගුණාත්මක ඖෂධ, ඖෂධ නියාමනය, තත්ත්ව පාලනය සහ රටවල ඉදිරි වසර 02 ක සැළසුම් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය. මෙහි ප්‍රථම සමුලුව පසුගිය වසරේ දී ඉන්දියාවේ දී පැවැත්විනි.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කර ඇත. මෙම සමුලුවේ දී ශ්‍රි ලංකාවේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ ක්‍රියාවලිය පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *