තුන්වැනි වතාවටත් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ජයගැනීම මගේ බලාපොරොත්තුවයි – චින්තන ගීතාල්

(කොළඹ, ලංකාපුවත්) –2018 – පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් මස 04වනදා සිට 15වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වේ.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතයෙ.

ඒ අතරින් බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිබදව ඉහල බලාපොරොත්තු තබා ගත හැකිය. දෙවරක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කම් හිමි කරදුන් චින්තන ගීතාල් විදානගේ මෙවර ශ්‍රී ලංකාවේ ඉහල පදක්කම් බලාපොරොත්තුවකි.

ඔහු කියා සිටියේ තුන්වැනි වතාවටත් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ජයගැනීම සිය බලාපොරොත්තුව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *